Thursday, April 12, 2012

සුභ නව ව(ස)රක් වේවා.. ! ( සුභ 9 X වේවා..! )


නිකංම විශ් කර පෝස්ටුවක් දානවාට වඩා, අළුත් අවුරුද්දට සුදුසු කතාන්දරයක් සෑමාගෙන්... 

පහ වසරේදී සෑමා කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා මහතා සොයා ගියේය. එකී පාසලේ පහේ පන්තියේ සෑමාට ඉගැන්වූ කල්‍යාණි ගුරුතුමිය තවමත් සැමට මතකය. පහ වසරේදී අපිව සවස ඉස්කෝලෙ තබාගෙන 'සතර' පොත කෙරෙව්වේ ඇයය. ඒ පොතේ පිටුපස පිළිතුරු තිබුණ නිසා අපි ඉස්කෝලේ හවස පන්තියේදි වැඩි ලකුණ ගත්තෙමු. වාසනාවන්ත ලෙස ශිෂ්‍යත්වය පාස් වීමටද හැකියාවක් එකී වසරේදී සෑමාටද හිමිවිය.

සවස පන්ති තිබුනේ ඉස්කෝලේ අහවර වී පැයකට පමණ පසුය. ගෙදර ලග ඉස්කෝලෙට ගියත් අම්මා බැදලා දෙන බත් මුල කෑම සිදු කළ යුතුය. එසේ බත් කා ඉතිරි වේලාව සෙල්ලම් කිරීම සිරිතක්ය. ඉස්සර අපි බොහෝ විට කලේ අල්ලන සෙල්ලම්ය. ටයිම් කියා විවේක ගැනීමට ගසකුත්. වයිම් කියා කලින් ඇල්ලූ පිරිස බේරා ගැනීමට තව ගසකුත් ඇත. වයිමට ගොස් ඇල්ලූ පිරිසට අත දී බේරා ගත යුතුය. බ්ලොග් ලියන බොහොමයක් ඉස්කෝලෙ ගිය ඇයවලුන් නිසා අටුවා ටීකා අනවශ්‍යය.

‍එසේ සෙල්ලම් කරන දවසක අපේ එකෙක්ට කක්කා බරක් සෙට් වුනා මතකය. එදා කක්කා බරක් වුනාට අපිට ඒලෙවල්, ඕලෙවල් කාලයේ සෙට් වුනේ කක්කා බර නොව බොකක්ය. පොරට කක්කා කරන්නට සියළු පහසුකම් සූදානම් කර දුන්නේ අපිමය. වැසිකිලියට ඇරලවා වතුර බාල්දියක් පවා ගෙනිහින් දුන්නේ අපේ එවුන්ය. ඉන්පසු අපි පැත්ත පලාතේ නොගියෙමු.

සියළු කටයුතු අහවර වී සියල්ලෝම පන්තියට වාර්ථා කළහ. අපේ මිතුරාද පන්තියට ආවේය. ඒත් පන්තියේ ඉන්නට බැරිය. කක්කා ගද පන්තිය දෙවනත් කරන්නට වීය. ටීචර් නඩුව අසද්දී අපි සාක්ෂි දුන්නේ පොරට සෝදා ගැනීමට වතුර පවා අපි සප්ලයි කළ බවකි. එහෙත් පොර හෝදාගෙන එලියට එද්දී වැසිකිලියේ ලිස්සා වැටී ඇත. සුදු පාට කමිසය සහ නිල් පාට කොට ෂෝට අපවිත්‍ර වැසිකිලියේ ඇතිල්ලී ‍මිතුරාට අවාසනාවන්ත සිදුවීමටක මුහුන දෙන්නට සිදු වී තිබිණ. පසුව පන්තිය පසෙක දමා ටීචර් සහ කිහිප දෙනෙක් ගොස් මිතුරාව ‍සෝදා ගෙදර යැව්වා තාමත් මතකය.

ඒ මිතුරා ගැන පූර්විකාවකි.

ඉස්සර අපට චක්කරය අරහංය. ඒත් අමාරුවෙන් සෑමා චක්කරය පාඩම් කර ගත්තේ තම පියාද එම විදුහලේ  ගණිත ගුරුවරයෙකු නිසා කතන්දර අහන්නට බැරි නිසාය. එහෙත් 'නම වරක්' චක්කරය ටිකක් අප්සට්ය. ඒකත් පොඩි උප්පර වැට්ටියකින් අල්ලා ගැනීමට හැකිවිය. 9,18,27,36 ආදී ලෙස අන්තිම ඉලක්කමේ එකක් අඩුවෙන උප්පරවැට්ටිය කවුරුත් භාවිත කරන්නට ඇතැයි සිතමි.

දිනක් ටීචර් පන්තියේ තැනින් තැන නැගිට්ටුවා "නමය වරක්" චක්කරය පාඩම් ගනිද්දී අපේ ඉහත කී මිතුරා අසරණ වුයේය. මිතුරා නැගිට සිටියදී අවටින් සපෝට් එක තිබ්බත් පොරට එදා ගුටි කන්නටම සිදු විය.

පහ වසරේ නමය වරක් සිද්ධිය සෑමාට යලි මතක් වුනේ ගිය වසරේ මාර්තු මාසයේ පමණ වෙලද සැලකට ගිය අවස්ථාවකදීය. වසර මුලදී බොහෝ වෙලදසැල් වල "සුභ නව වසරක් වේවා" කියා පුළුන් කැබලි වලින් අලවනු දැක ඇත. ඒ වාක්‍යයේ අකුරක් හැලී හෝ ගලවා හෝ තිබුණු නිසා මට මතක් වූයේ පහ වසරේදී 'නම වරක්' චක්කරය නිසා අසරණ වූ අපේ කක්කා මිතුරාය.

එහි තිබුණේ "සුභ නව වරක් වේවා"

එකී කතාව නව වරක් ගැනය. සෑමා මේ කියන්නට යන්නේ...

ලබන්නාවූ සිංහල - හින්දු අළුත් අවුරුද්ද, පිටි කොටන්නට මෝල් ගහෙන් වංගෙඩියට තලන්නාක් මෙන් බ්ලොග් ලියන්නට කී-බෝඩ් එකට ඇගිලිවලින් තලන්නාවූ බ්ලොග් හිතවතුන්ට ආයු ආරෝග්‍යය සම්පත්තිය, යෝධ බල යෝධ විරිය ලබන්නටත් හේතු වේවා. 

පොදුවේ සියළු දෙනාට ජය සතුට සාමය පිරි අළුත් අවුරුද්දක්ම වේවා.

Written by sAm_11.22pm_11.04.2012

තවද ලොවෙත් නැති - ලෝවැඩ සගරාවෙත් නැති - ලෝකෝප්‍රකාරයෙත් නැති අළුත් අවුරුද්දක් වේවා.. !

යක්ෂයන් බත් කන, දෙවියන් සිරබත් කන සංස්කෘතිය නිමවන්නට තවත් බලාපොරොතුවක් තබමි.

63 comments:

  1. එසේම වේවා!!!!!!!!!!!!!!!!
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ අලුත් අවුරුද්දේ සදාතනිකව එක වේවා.. ! :)

      Delete
  2. සුභම සුභ නව වරක් වේවා..

    ReplyDelete
  3. ඔබටත් සුභ නව වසරක් වේවා.
    "යක්ෂයන් බත් කන, දෙවියන් සිරබත් කන සංස්කෘතිය නිමවන්නට තවත් බලාපොරොතුවක් තබමි."

    ReplyDelete
  4. සුභ නව වසරක් වේවා...!!!
    :)

    ReplyDelete
  5. සුභම සුභ නව වසරක් වේවා අයියේ...

    මේ කතාව එක්ක මට මතක් වුනේ මමත් පොඩි කාලේ අල්ලන සෙල්ලම් කොරපු හැටි හිච්චි කාලේ යුද්ධ කරනවා වගේ තමා හැබැයි අපේ සංස්කෘතියේ තිබුනේ කෙල්ලයි කොල්ලයි තමා අල්ලන්න දුවං එන්නේ ආයේ නෑ කෙල්ලද කොල්ලද කියලා නොබලා පැනලා කොලර් එකෙන් අල්ලං ගහක් ගාවට ඇදන් ඇවිල්ලා මාංචු දාන එක කොරන්නේ අපි දැඩි රැකවල් මැද්දේ අහුවුනු අයව බේරගෙන වීරයා වෙන්න ඕනේ.... අට වසරට එනකන්ම අල්ලන සෙල්ලම් කල හැටි හොඳට මතකයි... 22 එනවදෝ??

    ReplyDelete
    Replies
    1. අපිත් කලා නොවැ ඕකම. කෙල්ලෝ එක්ක අල්ලන සෙල්ලම් කලා. ලොකු වෙද්දි තමා කරන් ආසම...

      22 එන්නට උපරිම ට්‍රයි !

      ලොවෙත් නැති. ලොවි ගහෙත් නැති. ලෝකෝපකාරයෙත් නැති. ලෝවැඩ සගරාවෙත් නැති මෙව්ව එකක් වේවා !

      Delete
    2. ගස් කොඩි දානවා කියන්නේ මේ සෙල්ලමට ද?

      Delete
    3. අල්ලන සෙල්ලම් කියල මචං අපි කිව්වේ..

      මම හිතන්නේ උබ කියන්නේ ගස් මාරුවෙන එක ගැන !

      Delete
    4. නෑ නෑ ගස් මාරු වෙනවා කියල වෙන සෙල්ලමක් තියෙනවා.

      Delete
  6. සුභ නව වසරක් වේවා බොසා! :)

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නැති. ලොවි ගහෙත් නැති. ලෝකෝපකාරයෙත් නැති. ලෝවැඩ සගරාවෙත් නැති මෙව්ව එකක් වේවා !

      Delete
  7. ඔය අල්ලන සෙල්ලම අපිත් කලා බං.. හැබැයි දිවුවේ අපි.. ඇල්ලුවේ ගෑල්ලමයි.. දුවනවාට වඩා හසුවීමට අපි ප්‍රිය කල බව මම නොකියමි.. අර නමවරක් මිතුරා සෑමා නොවන බවද සිතමි..

    උඹටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා සෑමෝ... ජය!!

    ReplyDelete
    Replies
    1. අල්ලන්නේ ගෑල්ලමයි නම් අසුවීම ආතල්ය..

      ලොවෙත් නැති. ලොවි ගහෙත් නැති. ලෝකෝපකාරයෙත් නැති. ලෝවැඩ සගරාවෙත් නැති මෙව්ව එකක් වේවා !

      Delete
  8. එසේම වේවා සහෝ, දැන්ම කනත්තට එන්න නොලබේවයි ප්‍රර්ථනා කොරමි

    ReplyDelete
    Replies
    1. නියම රිප්ලයි එක.. :)

      ජයෙන් ජය !

      Delete
  9. දෙවනි පාරටත් සුබ නව වසරක් වේවා...:D

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නැති. ලොවි ගහෙත් නැති. ලෝකෝපකාරයෙත් නැති. ලෝවැඩ සගරාවෙත් නැති මෙව්ව එකක් වේවා !

      Delete
    2. ඔබටත් එසේම වේවා...:D:D:D

      Delete
  10. උබ අලුත් අවුරුද්දටත් කක්කා ගෑව්වේ ය.
    ලොල්ය
    සුබ අලුත් අවුරුද්දක් වේවා සෑමෝ

    අර අන්තිමට දාපු නිල් වදන් ටිකත් ඉෂ්ට වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැමදාම දාන කක්කා එක නොවැ..

      ලොවෙත් නැති. ලොවි ගහෙත් නැති. ලෝකෝපකාරයෙත් නැති. ලෝවැඩ සගරාවෙත් නැති මෙව්ව එකක් වේවා !

      නිල් එක විශේෂයි !

      Delete
  11. කක්කා කේස් එකක් පැටලෙව්වෙ ඇයි බං...?? කමක් නෑ ඒකෙනුත් ගන්න දෙයක් තියෙනවා

    සුබ අලුත් අවුරුද්දක් වේවා...සෑමටත්, පවුලේ සැමටත්...

    නිල් පාටින් හයිලයිට් කරලා තියෙන විශේෂ බලාපොරොත්තුවත් ඉටු වේවා...!!

    ReplyDelete
    Replies
    1. කක්කා දාන්ට හොදයි කියන්න තමා නරක :)

      නිල් පාට එක අනිවා !

      ලොවෙත් නැති. ලොවි ගහෙත් නැති. ලෝකෝපකාරයෙත් නැති. ලෝවැඩ සගරාවෙත් නැති මෙව්ව එකක් වේවා !

      Delete
  12. සෑමාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  13. සෑමාටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා.....!!!

    K.P.

    ReplyDelete
  14. hik hik

    ඔයාටත් පවුලේ සියලුම ඩෙනාටට් සුබ නවවසලක් වේවෝ....!!!!!

    ReplyDelete
  15. අර යාලුවට කක්කා යාලුවා කිව්ව එකනම් හරි නෑ සෑම්!

    වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. පොර එල බං අවුලක් නැහැ !

      ලොවෙත් නැති. ලොවි ගහෙත් නැති. ලෝකෝපකාරයෙත් නැති. ලෝවැඩ සගරාවෙත් නැති මෙව්ව එකක් වේවා !

      Delete
  16. වැඩි වැඩියෙන් බ්ලොගේට කතා ලිය වේවා!
    කමෙන්ට් වැඩි වැඩියෙන් වැටෙනා සුභම සුභ නව වසරක් වේවා!

    \\...යක්ෂයන් බත් කන, දෙවියන් සිරබත් කන සංස්කෘතිය නිමවන්නට තවත් බලාපොරොතුවක් තබමි...\\
    බල්ලන්(යක්ෂයන්)හිරබත් කන යුගයක් උදා වේවා !

    ReplyDelete
    Replies
    1. ලොවෙත් නැති. ලොවි ගහෙත් නැති. ලෝකෝපකාරයෙත් නැති. ලෝවැඩ සගරාවෙත් නැති මෙව්ව එකක් වේවා !

      ස්තුති කිව්වා !

      Delete
  17. සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවා......!!!

    ReplyDelete
  18. බ්ලොග් ලියන්නට කී-බෝඩ් එකට ඇගිලිවලින් තලපු කාලේ අහවර බව සෑමා නොදන්නෙහිද ?

    උඹ ඔය කී නොකී හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන, සුබම සුබ, කිරි පැණි උතුරන, වාසනාවන්ත නව වසරක් වේවා ..... !!!!

    ReplyDelete
    Replies
    1. අපි තාම ඒ යුගයේ නොවැ.. අද නම් ලැපක් සෙට් වුනා

      ජයෙන් ජය වේවා !

      Delete
    2. සෑමා BMP ගැන දන්නැතුවාවත්ද ?

      Delete
    3. ඇත්තට මොකක්ද බං BMP ?

      Delete
    4. සිරාවටම උඹ දන්නැද්ද ?

      මම දැන් ඒකෙන් තමා වැඩ....

      මෙන්න මෙතන බලපන්...

      Delete
    5. අඩේ පස්ට නොවැ.. ස්තුති දහස් වර..

      ටෙස් කොරලා බලන්ට ඕනේ !

      Delete
  19. යක්ෂයන් සිර බත් කන දෙවියන් දිව බොජුන් වලදන සියලු පැතුම් ඉටු වෙන කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා......!!!!!

    ReplyDelete
  20. සිතේ තියෙන සියලු ප්‍රර්තාන සඵල වේවා. සුභ නවවසරක් වේවා!!.

    ReplyDelete
    Replies
    1. ස්තුති සහෝ එසේම වේව !

      Delete
  21. සැම් අයියාටත් සුභ නව වරක්ම වේවා..... හැමදාම පොස්ට් ලියවෙන අවුරුද්දක්ම වේවා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා. හැමදාම ලියන්න හැකිවේවා.

      කියවන්න ලියන්න නිදහස ලැබෙන සුවදායි අවුරුද්දක් වේවා සහෝ !

      Delete
  22. ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා යාලු...!!!

    ReplyDelete
  23. සුභ අලුත් අවුරුද්දක්!!!

    ReplyDelete
  24. ඔබතුමාටත් කරදර , ජල්බරි සුනාමි නැති මනහර පෙම්බර ලොවෙත් නැති කිරියෙන් පැණියෙන් පරිප්පු පාන් වලින් ඔව්ර්ලෝඩ් වී වාන් දමන තත්වයකට පත්වන හෙන පට්ට අවුරුද්දක් වේවා ....

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. කක්කා සමග බොග මිස්‍ර වූ සුභ අළුත් අවුරුදද්දක් වේවා!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඒ දෙකම මික්ස් වෙන්නේ කෝමද බොල.. දෙකම එකක් නොවැ..

      Delete
  27. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  28. නිතින් පතන සැම සැම දේ සපිර එනා..
    දනන් සිතින් යහපත් දේ නිතර වෙනා..
    එදා මෙදා තුර නොලැබුන සතුට දෙනා..
    තුනි සිත් පිරුණු වටිනා කළ එළඹෙන්නා..

    සෑමාගේ ‍බ්ලොගට කතන්දර ශූරීන්ගේ ප්‍රථම (‍කමෙන්ටු) ආගමනය මෙසේ සිදු වූ වගයි.. :)

    ජය !

    ReplyDelete
  29. සෑමෝ .. ලැබුවා වූ අළුත් අවුරුද්ද සුභම සුභ එකක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. පරක්කුවුනේ වැදගත් හේතුව පෝස්ටුවේ ඇති.. හිකිස්..

    ReplyDelete
    Replies
    1. එසේම වේවා මචං..

      මාත් බැලුවේ උබට මොකෑ වුනේ කියලා..

      Delete

Related Posts Plugin for WordPress, Blogger...